Sunday 1 February 2015

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist


තානාපති යනු එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයක දී නියෝජනය කරන්නා ය. බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද තානාපති සේවයක් පවතී. මෙය වෛද්‍ය සේවය, පරිපාලන සේවය වැනි වෘත්තීමය රාජ්‍ය සේවයකි. ඒ සේවාවලට මෙන්ම පරිපාලන සේවාවට බඳවා ගන්නේද, විශ්ව විද්‍යාල උපාධීධාරීන්ය. ඒ තරග විභාග සහ සම්මුඛ පරීක්‍ෂණ වැනි කඩඉම් රාශියකින් පසුවය.

ශ්‍රී ලංකා තානපති සේවයේ නියුතු මා දන්නා එක් අයෙක් සේවයට බැඳී වසර කිහිපයක් පුහුණුවකින් පසුව යම් නිලධාරී තනතුරකට මාලදිවයිනට පත්වීම් ලද්දේය. තවත් වසර ගණනාවක් එහි ද, ලංකාවේ ද ගත කිරීමෙන් අනතුරුව ඔහු මදුරාසියේ කොන්සල්වරයා ලෙස පත්විය. ඊටත් වසර ගණනාවකට පසු ඔහු ලන්ඩන් නගරයේ ලේකම්වරයෙකු විය. අවසාන යේ ඔහු තානාපතිවරයෙකු වූයේ තම සේවා කාලය වසර විසි පහක් පමණ ගත කළ පසුය. එය ද, යුධ කලාපයක පිහිටි රටක මිස කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටක නොවේ!

ඒ, කවුරුත් යාමට ප්‍ර්‍රියකරන බටහිර හෝ නැගෙනහිර රටවල්වල තානාපති තනතුරුවලට සාමාන්‍යයෙන් පත් කෙරෙන්නේ එක්කෝ පවතින රජයට අනුබද්ධ දේශපාලන පක්‍ෂවලින් මැතිවරණවලට තරග කොට පැරදුණු අයවලුන්ය. නැතිනම් දේශපාලනයෙන් හෝ විවිධ රාජ්‍ය සේවාලින් පැන්ෂන් ගත් අයය. එසේත් නැතිනම්, මේ මෑත කාලයේ ඔඩු දිවූ පරණ තුවාලයකට අනුව, මා ඊයේ ලිපියේ ද සඳහන් කළ පරිදි, දේශපාලඥයින් ගේ ඥාතී හිතවතුන්වය.

මා වෙසෙන ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පසුගිය කාලය තුල පත්වී ආ අය ගැන සඳහන් කරනවා නම් මගේ මතකයට මුලින්ම එන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන බාලපටබැඳිය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයෙකු බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔහුට පෙර එම තතතුර දැරුවේ, හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ජානක පෙරේරා ය. ඔහු ගේ දේශපාලන සබඳතාවය හෙලි වුනේ, ආණ්ඩු පෙරලියෙන් පසු ආපසු ලංකාවට කැඳවනු ලැබූවායින් පසු, උතුරු මැද පලාතේ යුඇම්පී සංවිධායකයෙක් බවට පත් වූ විටයි.

ඊට පසු එම තනතුර දෑරුවේ වල්ගම්පිට වැනි නමක් ඇති අයෙකු බව සිහියට එයි. ඒ දිනවල සමරු කලාප යනාදියේ පළවූ ඔහු ගේ ඡායාරූපයේ තුවායක් වැනි යමක් හිසේ දමාගෙන සිටි බවට මතකයක් ඇති නිසා ඔහු නීති අංශයේ අයෙකු වෙන්නට ඇතැයි සිතමි.

දැනට වසර හතරක සිට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් තනතුර දරන්නේ තිසර සමරසිංහ නම් හිටපු නාවික හමුදා ප්‍රධානියාය.

මුහුණ පුරා විහිදුණු දර්ශීය නාවික රැවුල නිසා ප්‍රතාපවත් පෙනුමක් දරන තිසර සමරසිංහ විටින් විට ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔස්සේ මම දැක ඇත්තෙමි. එවැනි අවස්ථාවලදී බොහෝ විට "යන්නේ කොහෙද? මල්ලේ පොල්!" වැනි පිළිතුරු ඔහු දෙනු මා දැක තිබුණද, ඒ ශ්‍රී ලංකා රජය නියෝජනය කිරීම නම් ඔහුගේ රාජකාරිය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමක් පමණක් යැයි මම සිතුවෙමි.

නමුත්, ශ්‍රී ලාංකික සරණාගතයින් රුගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ දී අනතුරට ලක් වූ අවස්ථාවකදී මෙන්ම කුමාර් ගුනරත්නම් පැහැර ගැනීමට ලක් වූ අවස්ථාවේ දී ද, තිසර සමරසිංහ කළ ප්‍රකාශවලින් ඔහු ගේ පුකතක්වය ද යම් තරමට හෙළි දරව් වුයේ යැයි මට සිතුණි.

ඒ කෙසේ වෙතත් තිසර සමරසිංහ ගේ නිරුවත හෙලිවූයේ මා ඊයේ පළ කළ තානාපති සේවයේ හොඳ හොඳ සෙල්ලම් නමැති ලිපියේ සඳහන් වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොන්සල් කාර්යාලයක් පිහිටවූ දිනවල සිදුවීමකිනි.

ඒ කොන්සල් කාර්යාලය විවෘත කිරීම සඳහා මෙල්බර්න් නුවරට පැමිණි එවකට විදේශ කටයුතු පිළිබඳ ඇමති ජී.ඇල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන දෙදෙනා, අර දඹුළු ගිය අය තලගොයිත් මරනවා සේ, මෙල්බර්න් හි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියේ රැස්වීමකටද සහභාගී වූහ.

ඒ රුස්වීමේ ඡායාරූප සන්නස පුවත් පතේ පල වූ විට මා දුටවේ, ඒ දේශපාලන පක්‍ෂ රැස්වීමේ ඉදිරිපස අසුනක සිටින්නේ මහ කොමසාරිස් තිසර සමරසිංහ බවයි.

එය සැබෑ නිරුවත හෙලිවීමක් වෙන්නේ, අප දන්නා පරිදි රාජ්‍ය තනතුරු දරන්නන්ට පක්‍ෂ දේශපාලන කටයුතුවලට සහභාගී විමට නොහැකි නිසාය.

රාජ්‍ය නියෝජිතයෙකු එසේ දේශපාලන පක්‍ෂ රැස්වීමකට ප්‍රසිද්ධියේ සහභාගී වී සිටින විට, ඔහු හෝ ඇය, අන් අවස්ථාවල කරන ප්‍රකාශ සහ ක්‍රියා, රජය නියෝජනය කරමින් කරන ඒවාද, නැතිනම් දේශපාලන පක්‍ෂය නියෝජනය කරමින් කරන ඒවාද යන පැණය නිසඟයෙන් මතුවේ!

ඒ සමගම, තිසර සමරසිංහ පක්‍ෂ දේශපාලනය කරන තානාපති නිලධාරියෙක් මෙන්ම තගෙක් ද බව ඊයේ පල වූ පුවතකින් කියවිණි.

සන්නස ඩොට් නෙට් වෙබ් අඩවියේ පළ වී තිබූ ඒ පුවතින් කියවුනේ, සන්නස පුවත් පතේ පළවූ මා පෙර සඳහන් කළ ඩී.බී කුරුප්පු ලියූ "කපුටන්ට ආප්ප අරන් දීම" නම් ලිපියෙන් ලංකාවේ රජයට අපහාසයක් වුනේ යැයි ද, එවැනි ලිපි මින් පසු පළ නොකල යුතු යැයි ද මහ කොමසාරිස් තිසර සමරසිංහ විසින් සන්නස උපදේශක කතෘ ජගත් ජේ එදිරිසිංහට තර්ජනය කර ඇති බවයි.

තිසර සමරසිංහ මේ තර්ජනය කර ඇත්තේ පසුගිය වසරේ ඔහු මෙල්බර්න් නුවරට පැමිණි දිනක, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට යැයි පණිවිඩයක් යවා ජගත් ජේ එදිරිසිංහව කොන්සල් කාර්යාලයට ගෙන්වා ගෙන, ඉන්පසු එහි කාමරයක තනිකර ගෙනයි.

ලංකාවේ තම හාම්පුතා ඇතුළු නඩය විසින් එහි මාධ්‍යවේදීන්ට කළ තර්ජන, ගර්ජන, බිය වැද්දීම් ඕස්ට්‍රේලියාවේදීත් කළ හැකි යැයි තිසර සමරසිංහ සිතා ඇති බවක් පෙනේ. ඊ ළඟට කරන්නට ඉඩ තිබුණේ ලංකාවේ පසුගිය දශක කිහිපයක් තිස්සේම කෙරුණු මාධ්‍යවේදීන් පැහැරගෙන යාම්, පහරදීම්, අඩන්තේට්ටන් කිරීම්, අතුරුදහන් කිරීම් සහ මරා දැමීම් ද?

ඒ තර්ජනය කිරීම ගැන තමන් එදා වික්ටෝරියානු පොලීසියට පැමිණිලි නොකලේ එමගින් පොදුවේ ශ්‍රී ලංකාවට යම් අගරුවක් සිදුවේ යැයි සිතා බවත්, නමුත් මේ වන විට තිසර සමරසිංහගේ පත්වීම අවලංගු කරන නියෝගයක් නිකුත් කර ඇතැයි ප්‍රවෘත්තියක් ඇති මෙහොතේ එසේ නොකරන්න යැයි පෙත්සමක් අත්සන් කිරීමක් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සිදුවෙමින් පවතින නිසා තව දුරටත් නිහඬව නොසිටීමට සිතූ බවත්, සන්නස ඩොට් නෙට් පුවතින් ජගත් ජේ එදිරිසිංහ වැඩි දුරටත් පවසා ඇත.

ජගත් ඒ පුවත් විශ්ලේෂණය අවසන් කරන්නේ මේ වැකියෙනි.

"රාජ්‍යතාන්ති‍්‍රකයන් විය යුත්තේ සිවිල් නීති පිළිබඳ අවබෝ්ධයක් හා ගෞරවයක් ඇති සිවිල් නිළධාරීන් මිස හමුදා මානසිකත්වයෙන් ලොව දෙස බලනා හමුදාකාරයන් නොවේ."

-රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න ඒ පුවතට දිගුව නැවතත්.
එකල පැවති සන්නස වෙබ් අඩවිය (sannasa.net) දැන් නොමැති නිසා ඒ පුවත පළවුණු වෙනත් තැනක ලිපිනය දක්වමි.
http://www.lankaenews.com/news/1241/si


(image: http://srilanka-almanac.com/sri_lanka_almanac_navy_commanders_portal/sri_lankan_navy_commanders/sri_lanka_almanac_thisara_samarasinghe_portal/photo_album.html)

40 comments:

  1. // අප දන්නා පරිදි රාජ්‍ය තනතුරු දරන්නන්ට පක්‍ෂ දේශපාලන කටයුතුවලට සහභාගී විමට නොහැකි නිසාය.//
    ඔයාල අපි දන්නෙ මොනවද රසික?
    ආරක්ෂක ලේකම් කියන තනතුරත් රාජ්‍ය තනතුරක් නේද?

    ReplyDelete
    Replies
    1. වැරදි පුර්වාදර්ශ උඩ සිට පහළට දිගටම..:(

      Delete
    2. ආරක්ෂක ලේකම් කියා තනතුරත් තියෙනවා ඇමරිකාවේ නම්, ඒ කියන්නේ ඩිෆෙන්ස් මිනිස්ටර්ස් කියන එකයි.

      ලංකාවේ ඔස්ටින් ලා, චන්දානන්ද ලා, නන්දසේන ලා හිටි තනතුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එක මිස ඇමති තනතුරක් නොවේ!

      Delete
    3. නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගෙ නහ ගැනීම.

      උඹේ පෝස්ට් එකක් තිබුනා, ''I was once an UNPer'' කියලා. an UNPer කියන්නෙ නැහැ. හරි විදියට නම් a UNPer වෙන්න ඕන. (Honorary) ඔනරරි කියන එක හොනරරි කියනවා. less than under a dollar කියනවා. ඇත්ත කියපං උඹ ආනන්දෙට ගියාද?ඇත්තටම උඹ ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙද? ලංකාවෙ ඉන්න අපි තරම් වත් උඹ ඉංග්‍රීසි දන්නෙ නැති නිසයි ඇහුවෙ.

      Delete
    4. @ Anonymous 3 February 2015 at 21:10

      ඔබට සමහර වෙලාවට තමන් ගැනම ලොකු කළකිරීමක් දැනෙනවා නේද? ලෝකයම එපා වෙනවා නේද? කරුණාකර මෛත්‍රී භාවනානව පුරුදු කරන්න. ස්තුතියි.

      Delete
    5. Anonymous3 February 2015 at 21:10

      උඹගෙ මෝඩ පැහැදිලි කිරීමට උත්තරේ මේකයි,

      ඉංග්‍රීසි කියන්නෙ අපේ මව් භාෂාව නෙවෙයි, ඒ නිසා වරදින එක සාමාන්‍ය දෙයක්. සමහර සුද්දො He don't know කියල කියන වෙලාවල් තියෙනවා. ඔස්ට්‍රේලියා යන්න IELTS band එක ගන්න ඕනෙ 7යි, රසිකය 7ක් ගන්න ඇති. උපරිම band එක 9යි, නමුත් 7 දාල තියෙන්නෙ වරදින නිසා තමයි. උඹල ලංකාවෙ ඉඳගෙන තාම සුද්දගෙ පුක ලෙව කනවා. ඒත් රසික වගේ උන් ඉන්ජිනියරින් කරලා ඔස්ට්‍රේලියා ගිහින් සුද්දන්ට උගන්නනවා.

      Delete
    6. ඔය ඇනෝට අවශ්‍ය මේ බ්ලොග්වල අක්‍ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ හැදීම නොව බව පැහැදිළියි.

      හොඳින් බලන්නෙකුට මේ ලිපියේ සිංහල වචනවල වැරදි දහයකටත් වඩා තියෙන බව පෙනී යනවා ඇති. මගේ ඔබද ඉඟිකර ඇති පරිදි, ඉංගිරිසි වැරදි හොයන ඔහුට ඒ සිංහල වැරදි තේරුම් ගන්නටවත් බැරිවීම තරම් උත්ප්‍රාසයක් තවත් ඇද්ද?

      ඒ සමගම ඔහු නොදන්නා දේ තමයි භාවිතයෙන් භාෂාවක නීති රීති වෙනස් වෙනවාය කියන එක. ඔබ සඳහන් කර ඇති He don't know යන්නට අමතරව උදාහරණයක් ලෙස I dont know nothing යනුවෙන් කීම සමහර ජනකොටස් අතර සම්මතයක් වෙලා. ඔහු ආඬපාලි කියා ඇති "for under a dollar" යෙදුම ද එලෙසයි. (මෙතැන දී ඔහු එය වරද්දා ලියා ඇත්තේ less than under a dollar කියායි.) ඒ සමගම මා "හොනරරි" යයි ලියා ඇත්තේ වචනය ශබ්ද කරන විදිය නොව ලියන ආකාරය බවත් මොහුට වැටහී නෑ.

      මගේ IELTS ලකුණු ගැන ඔබ සඳහන් කර ඇති නිසා කියනවානම් - එය 8.5 බවයි මට මතක. මා IELTS කළේ 1992 හෝ 1993 දී, පරම්පාවකට කලින්.

      Delete
    7. සුබස පිරික්සුමට අනුව මේ ලිපියේ ඇති දෝශ සහිත සිංහල වචන මෙන්න.

      1. යුධ
      2. තුල
      3. හෙලි වුනේ
      4. පෙරලියෙන්
      5. පලාතේ
      6. ඬැනි
      7. ගුනරත්නම්
      8. හෙලිවූයේ
      9. දඹුළු
      10. කියවුනේ
      11. වුනේ
      12. නොකල
      13. නොකලේ
      14. අවබෝ්ධයක්
      15. නිළධාරීන්

      සුබස පිරික්සුම:
      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
    8. මගේ IELTS (1992) ලකුණු මෙසේය.

      Reading Band 8.0
      Writing Band 8.0
      Listening band 8.5
      Speaking band 8.0

      Overall band 8.0

      ඒ මා සංක්‍රමණය කරන්නට වසර තුනකට පමණ කලින්, මගේ උපරිම ලකුණු. දැන් ඊට අඩු විය යුතුයි!

      Delete
  2. එයා මෙහේට එව්වොත් ආයෙත් නේවී නේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවාම කියයි මම ආමි කියලා!

      Delete
  3. හැක් හැක්.. කරන්නාගොඩගේ හෙවනැල්ල යට ඉඳන් නාවික හමුදාව ටික කලක් නාමිකව මෙහෙය වූ ඉංග්‍රීසි පමණක් දත් 'රෝයල් සෑම්' ගේ තව ගොඩාක් විස්තර තියෙනවා ලියන්න. පෝස්ට් එකක්ම දාඥ්ඥං..

    ReplyDelete
    Replies
    1. කතාකරන කොට නං තේරෙන්නේ නෑ ඉංගිරිසි පමණක් දන්න කෙනෙක් කියලා. සමහරවිට ග්‍රීක් භාෂාවත් දන්නවා ඇති.

      Delete
  4. පැමිනිලි කලානං ඉවරයිනෙ! මොන පුකටද කට වහගෙන ඉන්නෙ. තානාපති කාර්යාල තියෙන්නෙ ඒ ඒ රටවල ඉන්න තමුන්ගෙ වැසියන් ගැන බලන්නත් එක්ක තමයි. උං හැසිරෙන්නෙ මෙහෙම නං කාට කියන්නද සුද්දන්ටවත් කියනව හැර.

    ReplyDelete
    Replies
    1. What Rasika has written is only one side of the man. If some one speek to the staff many more horror stories would come out specially the way the new building was done after spending closer to 9 million Australian dollers while one fourth of the inside of the building is yet to be completed. This area is closed and being kept away from public eye.

      Delete
    2. ඔක තමයි රාජ් හෙනේට මුල . ඩි .බි කුරුප්පු මැති තුමා ට කරන්න බැරිනම් අඩුගානේ ඒකාලේ ඔය ගැන වහුන් හොරෙන් හරි දැනගන්න ඉඩහරින්න තිබුනේ ඔහුගේ වයස නිසා කරබාගෙන ඉන්න ඇති

      Delete
    3. එහෙම කීවාට ජගත්ලාට තරමක බයකුත් දැනෙන්න ඇති. අම්මා, මල්ලිලා බලන්න ලංකාවට යන්නවත් බැරි වුණොත්.

      Delete
    4. මේ බිලඩින් කොන්ත්‍රාත්තු දුමේ ගින්න ගැන නං පැමිණිළි කරන්න පුළුවනිනේ මුදල් අවභාවිතයක් වී තියෙනවා නම්-

      Delete
    5. බෝල්ඩ්වින් කුරුප්පු ලිපිය ලිව්වා විතරයි. ජගත් අහුවුනේ ප්‍රකාශයකයා නිසයි.

      Delete
  5. සේනක වල්ගම්පාය?

    ReplyDelete
    Replies
    1. අන්න එයා තමයි. ජජ් කෙනෙක්ද? තුවායක් ඔලුවේ ආගෙනයි හිටියේ ඔෆීෂියල් ෆොටෝ එකේ.

      Delete
    2. President's counsel. Janadhipathi neethigna . Pra Jay

      Delete
  6. ලංකාවෙ තානාපතිකම කියන්නෙ මන්ත්‍රීකමක්, ඇමතිකමක් වගේ දේශපාලන පත්වීමක් වෙලා ඉවරයි. ඒකට බලන්න ඉන්දියාවෙ.

    ලංකාව පකිස්ථානය වගේ කලාපීය වශයෙන් ඉතා සංවේදී සහ වැදගත් රටවලත්, ලෝකෙ බලවත් රටවලත් තනාපති වෙලා ඉහල අත්දැකීම් ගන්න අය ඩික්සිත්, මෙනන්, රාවො වගේ අය තමයි පස්සෙ රටේ විදේශ ලේකම් වෙන්නෙත්. එහෙම නැතුව දේශපාලකයො හෝ උන්ගෙ හොර ගෑණු නෙමෙයි. ඒ අතින් අපි ඉන්දියාවටත් වඩා අන්තිම පහත් තැනක ඉන්නෙ.

    මම ඉන්නෙ බහරේන් රටේ හිටපු තානාපතිය ජනාධිපති නිළ සංචාරයක් ආව වෙලාවෙ එක පැය දෙකකට ලාංකික සුහද හමුවක් තියල, ඒකට මිනිහගෙ කඩේ යන උග්‍ර පෙරමුණු පාක්ෂිකයන් විතරක් එන්න කියල, ආපු උන්ට දීපු බුෆේ ඩිනර් එකට එක පුටුවක්වත් නොතිය හිටගෙන හැඳි ගෑරැප්පුවලින් කන්න දීල තිබ්බ.

    අන්තිමේ මනුස්සය අසනීප වෙලා ගියහම ඒක නොකිය තානාපති බිසී කියල මිනිස්සු රස්තියාදු කරා.

    අපරාදෙ කියන්න බෑ, විදේශ සේවයෙ නොවුනත් දැන් වැඩ බලන තානාපති ( ඔහු මුලින් විදේශසේව නියුක්ති කාර්‍යංශෙන් දාපු නිළදාරිය ) අරට වඩා හොඳට පාඩුවෙ රාජකාරිය කරගෙන යනව.

    ReplyDelete
    Replies
    1. මේවා දේශපාලන පත්වීම් නිසා ඇතිවෙන ගැටළුවක් නම්, විශේෂයෙන් ඡන්දේ පැරදුණු උන්ට මේ පත්වීම් දුන්නාම උන් අර ඡන්දෙට වියදම් කරපු සල්ලි මේ ජොබ් එක කරන කාලේ හොයා ගන්න යයිද කියන එක!

      Delete
  7. යුද්ධ හමුදාවේ හා නාවුක හමුදාවේ වේසිගෙ පුතාලා රාශියකට පහුගිය කාලේ මේ වගේ දේශපාලන පත්වීම් ලැබුණා. ඒ අතරින් නොම්මර එකේ වේසිගේ පුතෙක් තමයි ශවීන්ද්‍ර ද සිල්වා කියන්නේ. විදේශීය වාර්තාකරුවන් විසින් ලංකාවේ යුද අපරාධ ගැන ප්‍රශ්න කරන කොට මොහුට අඩුම ගණනේ නිවැරදි ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න වත් හැකියාව නොතිබුණු බව පෙණුනා. මේ වගේ මී හරක් තමා පහුගිය රජය කාලේ තානාපති සේවාවට පැරෂුට් කර යැවුණේ. දැන්වත් මේ රට හරක් ටික ආපසු ගෙන්වා කුඹුරක් මැඬවීම වැනි ඔවුන්ට කරන්න පුළුවන් ජොබ් එකක් දිය යුතුයි.

    ReplyDelete
  8. පහුගිය ආණ්ඩු කරපු ලොකු වරදක් තමයි තානාපති සේවයට විදේශ සේවයේ අය පත් නොකර දේශපාලන පත්වීම් කරපු එක.රටේ ප්‍රතිරූපය විනාශ වෙන්න එකත් එක හේතුවක් වුණා.මහින්දගේ ආණ්ඩුව ආරක්ෂක අංශයේ අය ඒ තනතුරු වලට පත් කිරීමෙන් විදේශ සේවය නැති කරලා දැම්මා.මහින්ද බාලසුරියටත් තානාපති කමක් දීපු රජයක්නේ එක.එවැනි දේ "යහපාලන ආණ්ඩුවෙන්"බලාපොරොතු නොවෙමු.

    ReplyDelete
    Replies
    1. රජයේ තනතුරු දරන අය පැන්ෂන් ගියාම මේ පත්වීම් දීමෙන් ඇතිවන භායානක ප්‍රතිඵලයක් තමයි උන් ජොබ් එක කරන කාලේ ආණ්ඩුවේ දේශපාලකයින් ගේ අණට අනුව වැඩ කිරීම.

      මොහාන් පීරිස්ටත් හොඳ තානාපතිකමක් පොරොන්දුවෙලා තියෙන්න ඇති. මෛයීගෙනුත් ඉල්ලුවාය කියනවානේ!

      Delete
  9. Melborn Consulate office ekak open karanna,Samanya manthree kenek wana Nama Rajapaksha giya ekamath Waradak.Wagema Wihiluwak,T.samarasinhawa onai Kiyana, australiyawe inna Lankikayoth.Ewagema horu,wanchakarayo,Wennaathi.Diwiyaloke giyath Horu Horumai.Okun nisa Honda minissunta Thenak nethiwenawa.

    ReplyDelete
    Replies
    1. මෙහේ ඉන්නේ හදෙන් ආපු ලාංකිකයින් කොටසක් නොවෙයි, ගතිගුණ, හැසිරීම් අතින් ලංකාවේ ඉන්න අයගේම හරස්කඩක්. නමුත්, අති බහුතරය, විවිධ වෘත්තිය සුදුසුකම් ඇති තරමක හෝ උගත් අය බවත් කිව යුතුයි.

      Delete
  10. මේක ඉතින් මේ ආණ්ඩුවෙන් විතරක් කරපු දෙයක්යැ. හැමෝම කලා. රුසියාවේ මන් ඉන්න කාලේ හිටියේ නෙවිල් කනකරත්නයි ඊට පස්සේ වැන්ඩර්හාර්ට්ස් නුයි. දෙන්නම careerඒ diplomats ල. හැබැයි කාර්යාලේ වැඩට එව්වේ හමීඩ් ගේ හෙම යාලුවෝ. ඒ දෙන්නට පස්සේ ඉතින් දිගටම දේශපාලන පත්වීම්.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය තානාපති පත්වීම් ගැනම නොවේ. තිසර සමරසිංහ ගේ පක්‍ෂ දේශපාලනික ඬැඩ සහ ලංකාවේ තගරි වැඩ මෙහේත් දාන්නට යෑම ගැනයි.

      Delete
  11. තිසර සමරසිංහ වරක් හමුවෙලා තියනවා. එතැනදී ඔහු කල කතාව අනුව නම්, මට ඔහු ගැන යම් පැහැදීමක් ඇති වුණා. නමුත්, දේශපාලන පත්වීමක් ලෙස තනතුර ලැබුණට පස්සේ ඕනෙම දක්ෂ නිළධාරියෙකුට උණත් මේ වගේ දේවල් සිද්ධවෙනවා. ඔවුන්ගේ මූලික රාජකාරිය රටට සේවය කිරීමට වඩා තමන්ට පත්වීම ලැබුණ දේශපාලන මූලය ආරක්ෂා කිරීම බවට පත්වෙනවා.

    ජගත් ජේ එදිරිසිංහ නීතිමය පියවරක් ගත්තා නම් මම වඩා සතුටුයි. හොඳින් කල්පනා කරලා බැලුවොත් පෙනෙයි, මේ "රටට අපකීර්තියක් වෙනවා" කියන කාරණයම අපේ රටේ ජරාජීර්ණ දේශපාලනය පවත්වාගෙන යාමට භාවිත කරන මෙවලමක් බව.

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවට කිව්වාට අම්මා, මල්ලිලා බලන්න ලංකාවට යන්නවත් බැරි වුණොත් කියා ජගත්ටත් තරමක හෝ බයකුත් දැනෙන්න ඇති.

      Delete
    2. ඇත්ත, කතාවට කියපු දෙයක් වෙන්න පුළුවන්. ප්‍රායෝගික තත්වය අප ලියන තරම්ම ලෙහෙසි නැතිය කියා ඕනෙම කෙනෙකුට තේරෙනවා. ලංකාවට යන්න බැරි වෙන එකට අමතරව, මේ සමාජයේදී වුනත් පොදු කටයුතු කිරීමේදී, මෙවැනි පැමිණිල්ලක් කළා නම්, තවත් ලොජිස්ටිකල් ප්‍රශ්න එනවා. මොකද මොවුන් ඇතුවත් බැරි, නැතුවත් බැරි කාණ්ඩයක් නිසා. දැන් මේ කතාව පවා රසිකට බයක් නැතුව ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ, මේ අයගේ තටු යන්තමින් හෝ කැඩිලා නිසා. මොනවා වුනත්, රසික මෙහෙම සටහන් ලිවීමත්, අනෙක් රටවල ජීවත් වන අපේ පිරිස් ඔවුනගේ ලංකා තානාපති කාර්යාල වල සිදු වන දේ හා ඒවාට සම්බන්ද පිරිස් නම් ගම් ඇතුව බ්ලොග් හා විකල්ප අඩවි වල ලිවීමත්, නිසා පොදුවේ සිස්ටම් එකටත්, ඒවා කරන පුද්ගලයන්ටත් (අනාගතයේ දෙවරක් සිතන්න) බලපෑමක් කරාවි!

      Delete
    3. තිසර සමරසිංහ ගැන අද කියවූ ලිපියක කොටසක්-

      http://www.lankaenews.com/news/1265
      "අද්මිරාල් තිසර සමරසිංහ රාජකීය පවුලේ කීකරු ගැත්තෙක් විය. එක්සත් රාජධානියේ යෝෂිතගේ අසාර්ථක පුහුණුව නිසා ඇති වූ අවමානය වසා ගැනීමට ඔහු යෝෂිතට නාවික හමුදාවේ පුහුණු වියදම් ඔස්සේ විශේෂ කාර්ය සහ ගුවන් පුහුණුවද ලබා දුන්නේය. එසේ සිදුකෙළේ සෙසු දක්ෂ සහ ඒ සඳහා සුදුසු නිලධාරීන්ට අරමුදල් නැතැයි කියා ඔවුන්ට ඒ පුහුණුව දීම වළක්වමිනි. යෝෂිතගේ අයියා නාමල් සහ ඔහුගේ මිතුරන් හට අධිවේගී ප්‍රහාරක යාත්‍රා වලින් මුහුදේ වෙඩි තැබීම් පුහුණු වීම සඳහා අවශ්‍ය වූ විට දීර්ඝ මුර සංචාර වලින් පසුව නියමිත විවේක ගැනීම් වලට යොමු කළ යුතු වූ නාවික නිලධාරීන් බලහත්කාරයෙන් ඔවුන් සමග යැවූ අවස්ථාද තිබිණ. "

      Delete
  12. මෙහෙත් ඉන්නවා ඔය වගේම එකෙක් නියෝජ්‍ය මහකොමසාරිස් ලෙස හමුදා කාරයෙක්. මම මේබලාගෙන ඉන්නේ කොයි මොහොතේද එයාව ලංකාවට ගෙන්න ගන්නේ කියලා .. මම කීප තැනකදීම දැක්කා මිනිහා මහා ලොකුවට වටේ පිටේ කට්ටිය පිරිවරාගෙන කියනවා සරත් ෆොන්සේකාව බල්ලෙක් වගේ එදා ජන්දෙන් පස්සේ ඇදගෙන ආවේ එයයි කියලා ........ එකට හරියන්න තමයි ඒ ආණ්ඩුවෙන් සාමාන්‍ය දනිමවත් නැති මේ වගේ පිදුරු කන බල්ලන්ව මේ තනතුරු වලට එවලා නිකන් තියෙන රටේ නමත් විනාස කරන්නේ

    ReplyDelete
    Replies
    1. මොකාද මැලේ පොර, සුමිත් මානවඩුද ..අපිත් මේ ඔහු ලංකාවට් එනකම් තමයි බලාගෙන ඉන්නේ

      Delete
  13. Mama aami
    kiyaweemi
    siyalla kiyaa athhen
    giyemi

    ReplyDelete
  14. ස්තුතී අපව දැනුවත් කලාට , මුන්ගේ රෙදි ගැලවෙන්ඩ ලියන්ඩ ඕනේ...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.