Sunday 14 May 2017

ලංකාවේ දේශපාලන පක්‍ෂවල මදර්ස් ඩේ පණිවිඩ - Mothers day messages sent by Lankan political parties


අද නිවැරදි "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය උදා වෙන්නට පෙර මට ගිය සතියේ "නෝ බොඩීස් ඩේ" හෙවත් කාගෙවත් නොවන දිනයක් උදා වුණු හැටි ගැන සිතෙන් සිනාසෙමින් සිටියදී මගේ සිතට ආවේ ලංකාවේ දේශපාලන පක්‍ෂ ද "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දිනය වෙනුවෙන් පණිවිඩ නිකුත් කළොත් ඒ කොයි ආකාරයට වේ ද යන්න ය.

මේ ඓතිහාසික කරුණු පිළිබඳ තරමක අධ්‍යයනයකින් පසුව පිළියෙල කළ "මදර්ස් ඩේ" හෙවත් මව්වරුන් ගේ දින සුබ පැතුම් කිහිපයකි.



ආදරණීය ලංකා ජාතික සංගම් අම්මේ,

අද ඔබ අප අතර නැති වුවත් මම ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා යැයි පතමි!

මේ ඔබේ ආදර දියණිය,

එක්සත් ජාතික පක්‍ෂය



ආදරණීය එක්සත් ජාතික පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය




ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ශ්‍රී ලංකා මහජන පක්‍ෂය

ප/ලි:
මගේ එක්සත් ජාතික පක්‍ෂ ආච්චී ද අද මව්වරුන් ගේ දිනයේ දී ආදරයෙන් මතක් කරමි.



ආදරණීය ශ්‍රී ලංකා මහජන පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

බහුජන නිදහස් පෙරමුණ

ප/ලි:
මගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආච්චී ද අද මව්වරුන් ගේ දිනයේ දී ආදරයෙන් මතක් කරමි.




ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ලංකා කොමියුනිස්ට් පක්‍ෂය



ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

නව සමසමාජ පක්‍ෂය




ආදරණීය ලංකා සම සමාජ පක්‍ෂ ආච්චියේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර මිනිපිරිය,

සමාජ සමානතා පක්‍ෂය

ප/ලි:
අනේ මගේ අම්මා විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂය අද ජීවතුන් අතර සිටියා නම්!

ප/ප/ලි:
මේ මං විප්ලවවාදී කොමියුනිස්ට් සංගම් මිනිපිරිය හොඳේ. මං නම වෙනස් කළා ආච්චී!



ආදරණීය ලංකා කොමියුනිස්ට් පක්‍ෂ ආච්චියේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර මිනිපිරිය

ජනතා විමුක්ති පෙරමුණ

ප/ලි:
අනේ මගේ අම්මා ලංකා කොමියුනිස්ට් පක්‍ෂ චීන පිල අද ජීවතුන් අතර සිටියා නම්!




ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

ජාතික නිදහස් පෙරමුණ

ප/ලි:
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ නංගී සුබ පැතුමක් එව්වා ද? මට නං ඒකිව පෙන්නන්න බෑ. අම්මාත් මා එක්ක නයි වයිරයි කියා මං දන්නවා!



ආදරණීය ජනතා විමුක්ති පෙරමුණු අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

ප/ලි:
ජාතික නිදහස් පෙරමුණ අක්කා සුබ පැතුමක් එව්වා ද? මට නං ඒකිව පෙන්නන්න බෑ. අම්මාත් මා එක්ක නයි වයිරයි කියා මං දන්නවා!




ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ අම්මේ,

ඔබට සුබ මව්වරුන් ගේ දිනයක් වේවා!

මේ ඔබේ ආදර දියණිය,

හෙළ උරුමය

ප/ලි:
මේ මං සිහල උරුමය දියණිය හොඳේ. මං නම වෙනස් කළා අම්මේ!

ප/ප/ලි:
මට තවත් අම්මලා ඉන්නවා ද මන්දා?




තවත් සුබ පැතුම් යැවෙන්නට ඇත. ඔබට හැකි නම් එක් කරන්න.

-රසිකොලොජිස්ට්

(image: https://au.pinterest.com/explore/family-tree-templates/)

12 comments:

  1. ආදරණීය KATHANDARA අම්මේ,

    ඔබට සුබ BLOG මව්වරුන් ගේ දිනයක් වේවා!

    මේ ඔබේ ආදර දියණිය,

    RASIKALOGIST


    CAP. ANO! :D

    ReplyDelete
  2. +++++++++++++
    හෙළ උරුමයේ එජාප අයත් හිටියා. අර මල්ටිෆෝම් කෙමිකල්ස් අයිතිකාරය එහෙම.

    ReplyDelete
    Replies
    1. තිලක් කරුණාරත්න හිටියේ සිහල උරුමේ විතරද

      Delete
    2. තිලක් කරුණාරත්නව මා දැක ඇත්තේ එක් දිනයි. ඒ 1990 පමණ බොරැල්ල හරියේ දී සිරිලංකා එකේ මැයි දින පෙලපාලියේ යනවා!

      Delete
  3. what about janatha sevaka party of Somawansa ?

    ReplyDelete
  4. කොමියුනිස්ට් පක්ෂයේ නම “ලංකා“ කොමියුනිස්ට් පක්ෂය නෙවෙයි “ලංකාවේ“ කොමියුනිස්ට් පක්ෂය නේද? (ඒ කියන්නෙ කොමියුනිස්ට් පක්ෂයේ ලංකාවේ කෑල්ල)

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි නේද? Communist Party of Sri Lanka.
      ශ්‍රී කෑල්ලක් එකතු කරගෙන තියෙනවා 72 දී.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.